යාකොබ් 4:7-12

යාකොබ් 4:7-12 SCV

එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්‍ර කර ගනිල්ලා. තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න. ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ ම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත. සහෝදරයිනි, එකිනෙකාට එරෙහිව නපුර නො පවසන්න. තම සහෝදරයාට එරෙහිව කතා කරන්නා, තම සහෝදරයා විනිශ්චය කරන්නා, ව්‍යවස්ථාවට එරෙහිව කතා කරයි; ඔහු ව්‍යවස්ථාව විනිශ්චය කරයි. ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ නම්, තවදුරටත් ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නො ව විනිශ්චයකරුවෙක් ය. ඇත්තේ ගලවන්නටත්, විනාශ කරන්නටත් සමත් එක ම නීතිදායකයාණන් හා එක ම විනිශ්චයකරුවාණන් කෙනකු පමණි. එහෙත් ඔබේ අසල්වැසියා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද?

යාකොබ් 4:7-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය