යාකොබ් 4:11-17

යාකොබ් 4:11-17 SCV

සහෝදරයිනි, එකිනෙකාට එරෙහිව නපුර නො පවසන්න. තම සහෝදරයාට එරෙහිව කතා කරන්නා, තම සහෝදරයා විනිශ්චය කරන්නා, ව්‍යවස්ථාවට එරෙහිව කතා කරයි; ඔහු ව්‍යවස්ථාව විනිශ්චය කරයි. ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ නම්, තවදුරටත් ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නො ව විනිශ්චයකරුවෙක් ය. ඇත්තේ ගලවන්නටත්, විනාශ කරන්නටත් සමත් එක ම නීතිදායකයාණන් හා එක ම විනිශ්චයකරුවාණන් කෙනකු පමණි. එහෙත් ඔබේ අසල්වැසියා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? “අද හෝ හෙට හෝ අප මේ මේ නගරයට ගොස්, වසරක් ගත කොට, වෙළඳාම් කරමින්, මුදල් උපයන්නෙමු” යි කියන්නෙනි, මට සවන් දෙන්න. හෙට දවසේ කුමක් වේ දැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි. එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි. එහෙත් ඔබ, දැන් අහංකාරයෙන් පාරට්ටු කර ගනී. එවැනි සියලු පාරට්ටු දුෂ්ටකමකි. එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එය ම ඔහුට පාපයකි.

යාකොබ් 4:11-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය