යාකොබ් 4:10-12

යාකොබ් 4:10-12 SCV

ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ ම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත. සහෝදරයිනි, එකිනෙකාට එරෙහිව නපුර නො පවසන්න. තම සහෝදරයාට එරෙහිව කතා කරන්නා, තම සහෝදරයා විනිශ්චය කරන්නා, ව්‍යවස්ථාවට එරෙහිව කතා කරයි; ඔහු ව්‍යවස්ථාව විනිශ්චය කරයි. ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ නම්, තවදුරටත් ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නො ව විනිශ්චයකරුවෙක් ය. ඇත්තේ ගලවන්නටත්, විනාශ කරන්නටත් සමත් එක ම නීතිදායකයාණන් හා එක ම විනිශ්චයකරුවාණන් කෙනකු පමණි. එහෙත් ඔබේ අසල්වැසියා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද?