යෙසායා 8:11-13
යෙසායා 8:11-13 SCV
ස්වාමින්වහන්සේ, ස්වකීය බලවත් හස්තය මා පිට තබා, මා අමතමින්, මේ ජනයාගේ මාර්ගය අනුව නො යන ලෙස මට අවවාද කරමිනි, මට මෙසේ කී සේක: “මෙම ජනයා ‘කුමන්ත්‍රණයකැ’ යි හඳුන්වන සියල්ලට කුමන්ත්‍රණයැයි නො කියන්න. ඔවුන් භය වන දේට භය නො වන්න. භීතියට පත් නො වන්න. ඔබ පාරිශුද්ධ යයි සැලකිය යුත්තේ සේනාංකවල ස්වාමින්වහන්සේ ය. ඔබ භය විය යුත්තේ, උන්වහන්සේට ය. භීතියට පත් විය යුත්තේ ද උන්වහන්සේට ය.

