යෙසායා 7:10-16

යෙසායා 7:10-16 SCV

ස්වාමින්වහන්සේ යළි ආහාස් ඇමතූ සේක්, “පාතාලය සේ ගැඹුර හෝ ස්වර්ගය සේ ඉහළ ලකුණක් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙතින් ඉල්ලන්නැ” යි කී සේක. එහෙත් ආහාස්, “මා ඉල්ලන්නේ නැත; මා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරන්නේ නැතැ” යි කීවේ ය. එවිට යෙසායා කතා කරමින්, “එම්බා දාවිත් වංශිකයිනි, මේ අසනු! මගේ දෙවියන්වහන්සේගේ ඉවසීම නුඹලා සෝදිසි කරන්නේ, මිනිසුන්ගේ ඉවසීම සෝදිසි කළා මදිවාට ද? එබැවින් ස්වාමින්වහන්සේ ම ඔබට ලකුණක් දෙන සේක: ඔන්න! කන්‍යාව ගැබ් ගෙන, පුතකු බිහි කරන්නී ය. ඔහුට එම්මානුවෙල් යැයි නම් තබනු ඇත. නරක එපා කොට, හොඳ තෝරාගැනීමට ඔහුට වැටහෙන කල, ඔහු දී-කිරිත්, මී-පැණිත් අහරට ගනු ඇත. එහෙත්, දරුවා නරක එපා කොට, හොඳ තෝරා ගැනීම වටහා ගැනීමට පළමුවෙන්, ඔබ බියපත් වූ රජුන් දෙදෙනාගේ දේශය පාළු වී යනු ඇත.

යෙසායා 7:10-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය