“විලිරුදා එන්නට පළමුවෙන් ඈ බිහි කරන්නී ය. ප්‍රසව වේදනා දැනෙන්නට කලින් ඈ පුතකු බිහි කරන්නී ය. එබන්දක් අසා ඇත්තේ කවුරු ද? එබන්දක් දැක ඇත්තේ කවුරු ද? එක් දිනකින් රටක් බිහි කරන්න පුළුවන් ද? එක් මොහොතකින් ජාතියක් නංවාලිය හැකි ද? එසේ වුව ද සියොන, ප්‍රසව වේදනාවත් සමඟ ම ඇගේ දරුවන් බිහි කරන්නී ය. බිහිවීමේ මොහොතට ම ගෙනැවිත්, මම ප්‍රසූත නො කරවන්නෙම් දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “ප්‍රසවය තෙක් ගෙනා මම, දරු ගැබ පියවන්නෙම් දැ?” යි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. “යෙරුසලම සමඟ සතුටු වන්න; ඇය ගැන ප්‍රීති වන්න, ඇයට ප්‍රේම කරන සියල්ලෙනි. ඉමහත් සේ ඇය සමඟ ප්‍රමුදිත වන්න, ඇය ගැන ශෝක වන සියල්ලෙනි, මන්ද සැනසිලිදායී ඇගේ පියයුරුවලින් ඔබ පෝෂ්‍ය වී, සෑහීමට පැමිණෙනු ඇති බැවිනි. මන්ද ඔබ බොහෝ සේ පානය කොට, උතුරා යන ඇගේ බහුලත්වයෙහි ප්‍රමෝද වනු ඇති බැවිනි.”
යෙසායා 66 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 66:7-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ