යෙසායා 65:23-25
යෙසායා 65:23-25 SCV
ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්, දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත. මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති. ඔවුන් අයදින්නට පෙර මම උත්තර දෙන්නෙමි. ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි. වෘකයා හා බැටළු පැටවා එක් ව තණ බුදිනු ඇත. සිංහයා ගවයකු සේ පිදුරු කනු ඇත. එහෙත් සර්පයාගේ ආහාරය දූලි ම වන්නේ ය. මගේ මුළු ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක්, විනාශයක් කරන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.

