යෙසායා 63
63
පළිගැනීමේ දවස
1ඒදොම් වෙතින්, කවුරු ද මේ එන්නේ?
බොස්රාහි සිට තද රතු පාට ඇඳුමින් යුතු ව,
අලංකාර ලෙස සැරසී,
තම ශක්තියේ උදාරත්වයෙන් ඉදිරියට පිය නගන මොහු කවුරු ද?
“ඒ, මම ය. දමිටුකමින් කතා කරන,
ගලවන්නට බලවත් වූ මා ය.”
2මිදි මෝලෙහි මිදි පාගන්නකුගේ ඇඳුම මෙන්
ඔබේ ඇඳුම් රතු පාට මොකද?
3“මම තනි ව මිදි මෝල පෑගීමි.
ජාතීන් වෙතින් කිසිවකුත් මා සමඟ සිටියේ නැත.
මගේ කෝපයෙන් මම ඔවුන් මැඩලීමි.
මගේ උදහසින් මම ඔවුන් පාගා දැමීමි.
ඔවුන්ගේ ලේ, මගේ ඇඳුම්වලට ඉසිණි.
මගේ මුළු ඇඳුම මම කැළැල් කර ගතිමි.
4මන්ද පළිගැනීමේ දවස මගේ හදවතේ තිබිණි.
මිදීමේ මගේ වසර ද පැමිණ ඇත.
5මම බැලුවෙමි; එහෙත් උදවු කරන්නට කිසිවකුත් නො වී ය.
මම මවිත වීමි; ඒ, කිසිවකුත් සහයෝගය නුදුන් බැවිනි.
එබැවින්, මගේ ම බාහුව, මා උදෙසා ගැලවීම සැලසී ය.
මගේ ම උදහස මා ඉසිලී ය.
6මගේ කෝපයෙන් මම ජාතීන් පාගා දැමීමි.
මගේ උදහසින් මම ඔවුන් මත් කරවා,
ඔවුන්ගේ ලේ, පොළොවේ වැගිරවීමි.”
දේව දයාව සිහි කිරීම
7 ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ද
ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියාවන් ද මම නැවත ගණින්නෙමි:
ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් ප්‍රදාන කර ඇති සියල්ලට හා
ඉශ්රායෙල් වංශය උදෙසා වූ ඉමහත් යහපතට අනුව
උන්වහන්සේගේ දයානුකම්පාවටත්,
අපරිමිත නොමියෙන ප්‍රේමයටත් අනුව උන්වහන්සේ ඒවා ප්‍රදාන කර ඇත්තේ ය.
8උන්වහන්සේ මෙසේ කී සේක:
“සැබවින් ම ඔවුහු මගේ ජනතාව ය.
හොර බොරු නො කරන දරුවෝ ය.”
එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වූහ.
9ඔවුන්ගේ සියලු පීඩාවන්හි දී උන්වහන්සේ ද පීඩාවට පත් වූ සේක්,
ඔවුන් ගැලවූයේත්, උන්වහන්සේගේ අභිමුඛයේ දූතයා ය.
ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් උන්වහන්සේ ඔවුන් මුදා ගත් සේක්,
පුරාණයේ සියලු දවස්හි ඔවුන් ඔසවා,
රැගෙන ගිය සේක.
10එහෙත් ඔවුහු කැරලි ගැසුවෝ,
උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් පැමිණවූවෝ ය.
එබැවින් උන්වහන්සේ හැරී, ඔවුන්ගේ එදිරිකරුවා වූ සේක්,
ඔවුනට එරෙහිව තුමූම සටන් වැදුණු සේක.
11එවිට ඔවුහු මෝසෙස්ගේ ද ඔහුගේ ජනයාගේ ද දවස් වන
ඒ පුරාණ දවස් සිහි කළහ.
තම බැටළු රැළේ එඬේරා ද සමඟ මුහුද මැදින් ඔවුන් ගෙන ආ
තැනැන්වහන්සේ කොහේ ද?
ඔවුන් මධ්‍යයේ තම ශුද්ධාත්මයාණන් තැබූ
තැනැන්වහන්සේ කොහේ ද?
12ස්වකීය බලයේ තෙදවත් බාහුව,
මෝසෙස්ගේ දකුණත සමඟ යැවුවාවූත්,
තමන්වහන්සේට සදාතනික කීර්ති නාමයක් අත්කර ගන්නා පිණිස,
ඔවුන් ඉදිරිපිටින් මුහුදු ජලය දෙබෑ කළ තැනැන්වහන්සේ,
13ගැඹුර ඔස්සේ ඔවුන්ට මග පෙන් වූ තැනැන්වහන්සේ කොහේ ද?
මුඩුබිමක අශ්වයකු, නොපැකිළෙන්නා සේ
ඔවුන් පැකිළුණේ නැත.
14තැනිතලාවට පිවිසි ගවයින් සේ,
ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් ඔවුනට විවේකය දුන් සේක.
ඔබට ම තේජවත් නාමයක් සාදා ගන්නා පිණිස,
ඔබ ඔබේ ම ජනයාට මග පෙන්වූයේ එලෙසිනි.
15ස්වර්ගයේ සිට ශුද්ධ වූත්, තේජවත්වූත්
ඔබගේ උදාර නිවස්නයේ සිට, පහළට නෙත් යොමා, බැලුව මැනවි.
කොහේ ද ඔබගේ උද්වේගය හා පරාක්‍රමය?
ඔබගේ මුදු-කරුණාවත්, දයානුකම්පාවත් මා වෙතින් ආපසු හැරී ඇත.
16අපගේ පියාණන් ඔබ ය.
ආබ්‍රහම් අප ගැන නො දන්නවා වුව ද,
ඉශ්රායෙල් අප හඳුනා නො ගන්නවා වුව ද,
ඔබවහන්සේ අහෝ ස්වාමින්වහන්ස, අපේ පියාණන් ය.
පුරාණයේ සිට අපේ මිදුම්කරුවාණන් යන්න ඔබගේ නාමයයි.
17ඇයි ද? අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ මාර්ග වෙතින්, මංමුළා ව යන්නට අපට මං සලස්වා,
ඔබට භය පක්ෂ නො වන ලෙසට, අප හදවත් දැඩි කළේ?
ඔබේ උරුමය වූ ගෝත්‍ර නිසා,
ඔබගේ සේවකයින් නිසා අනේ ආපසු ආ මැනව.
18ඔබේ ශුද්ධ ජනයා, ටික කලකට ඔබේ ශුද්ධස්ථානය හිමි කර ගෙන සිටියහ.
එහෙත් දැන්, අපගේ සතුරන් ඔබගේ ශුද්ධස්ථානය පාගා දමා ඇත.
19පුරාණ කාලයේ පටන් අප සිටින්නේ
ඔබගේ පාලනය යටතේ සිටින්නවුන් මෙන් නො වේ;
ඔබගේ නාමයෙන් අමතනු ලබන්නන් මෙන් නො වේ.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 63: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: