යෙසායා 63:15-17

යෙසායා 63:15-17 SCV

ස්වර්ගයේ සිට ශුද්ධ වූත්, තේජවත්වූත් ඔබගේ උදාර නිවස්නයේ සිට, පහළට නෙත් යොමා, බැලුව මැනවි. කොහේ ද ඔබගේ උද්වේගය හා පරාක්‍රමය? ඔබගේ මුදු-කරුණාවත්, දයානුකම්පාවත් මා වෙතින් ආපසු හැරී ඇත. අපගේ පියාණන් ඔබ ය. ආබ්‍රහම් අප ගැන නො දන්නවා වුව ද, ඉශ්‍රායෙල් අප හඳුනා නො ගන්නවා වුව ද, ඔබවහන්සේ අහෝ ස්වාමින්වහන්ස, අපේ පියාණන් ය. පුරාණයේ සිට අපේ මිදුම්කරුවාණන් යන්න ඔබගේ නාමයයි. ඇයි ද? අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ මාර්ග වෙතින්, මංමුළා ව යන්නට අපට මං සලස්වා, ඔබට භය පක්ෂ නො වන ලෙසට, අප හදවත් දැඩි කළේ? ඔබේ උරුමය වූ ගෝත්‍ර නිසා, ඔබගේ සේවකයින් නිසා අනේ ආපසු ආ මැනව.