යෙසායා 6:8-13

යෙසායා 6:8-13 SCV

එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි. එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි. තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න: “ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න. නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’ මේ ජනයාගේ හදවත් දැඩි කරන්න. ඔවුන්ගේ කන් මොට කරන්න. ඔවුන්ගේ ඇස් වසාලන්න. එසේ නූවුවහොත්, ඔවුන් තම ඇස්වලින් දැක, තම කන්වලින් අසා, තම හදවත්වලින් වටහා ගෙන, මා වෙත හැරී, සුවය ලබනු ඇතැ” යි කී සේක. ඉන්පසු මම, “කොතෙක් කාලයකට ද අහෝ ස්වාමිනි?” යි ඇසුවෙමි. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වැසියකු නැතිව නගර ජරාවාස ව යන තුරු, නිවෙස් අත්හැර දමනු ලබන තුරු, වතු පිටි විනාශ වී නැති නාස්ති ව යන තුරු, ස්වාමින්වහන්සේ විසින් හැම කෙනකු ම ඈත එපිට යවන තුරු, දේශය මුළුමනින් ම අතැර දමනු ලබන තුරු ය; ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද, යළිත් එය පාළු කරනු ලබන්නේ ය. එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල, ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද, ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.

යෙසායා 6:8-13 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 6:8-13 - එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි.
එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි.
තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න:
“ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න.
නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’
මේ ජනයාගේ හදවත් දැඩි කරන්න.
ඔවුන්ගේ කන් මොට කරන්න.
ඔවුන්ගේ ඇස් වසාලන්න.
එසේ නූවුවහොත්, ඔවුන් තම ඇස්වලින් දැක,
තම කන්වලින් අසා,
තම හදවත්වලින් වටහා ගෙන,
මා වෙත හැරී, සුවය ලබනු ඇතැ” යි කී සේක.
ඉන්පසු මම, “කොතෙක් කාලයකට ද අහෝ ස්වාමිනි?” යි ඇසුවෙමි.
උන්වහන්සේ පිළිතුරු දෙමින්,
“වැසියකු නැතිව
නගර ජරාවාස ව යන තුරු,
නිවෙස් අත්හැර දමනු ලබන තුරු,
වතු පිටි විනාශ වී නැති නාස්ති ව යන තුරු,
ස්වාමින්වහන්සේ විසින් හැම කෙනකු ම ඈත එපිට යවන තුරු,
දේශය මුළුමනින් ම අතැර දමනු ලබන තුරු ය;
ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද,
යළිත් එය පාළු කරනු ලබන්නේ ය.
එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල,
ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද,
ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.යෙසායා 6:8-13 - එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි.
එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි.
තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න:
“ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න.
නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’
මේ ජනයාගේ හදවත් දැඩි කරන්න.
ඔවුන්ගේ කන් මොට කරන්න.
ඔවුන්ගේ ඇස් වසාලන්න.
එසේ නූවුවහොත්, ඔවුන් තම ඇස්වලින් දැක,
තම කන්වලින් අසා,
තම හදවත්වලින් වටහා ගෙන,
මා වෙත හැරී, සුවය ලබනු ඇතැ” යි කී සේක.
ඉන්පසු මම, “කොතෙක් කාලයකට ද අහෝ ස්වාමිනි?” යි ඇසුවෙමි.
උන්වහන්සේ පිළිතුරු දෙමින්,
“වැසියකු නැතිව
නගර ජරාවාස ව යන තුරු,
නිවෙස් අත්හැර දමනු ලබන තුරු,
වතු පිටි විනාශ වී නැති නාස්ති ව යන තුරු,
ස්වාමින්වහන්සේ විසින් හැම කෙනකු ම ඈත එපිට යවන තුරු,
දේශය මුළුමනින් ම අතැර දමනු ලබන තුරු ය;
ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද,
යළිත් එය පාළු කරනු ලබන්නේ ය.
එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල,
ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද,
ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.