යෙසායා 6:2-5
යෙසායා 6:2-5 SCV
උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ. ඔවුහු එකිනෙකාට හඬ ගාමින්: “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, සේනාංකවල ස්වාමින්වහන්සේ! මුළු පොළොව ම උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරිලා” යි කීහ. ඔවුන්ගේ කටහඬේ නාදයට එළිපත්තේ අත්තිවාරම් සෙලවිණි. ගෘහය ද දුමින් වැසී ගියේ ය. එවිට මම, “මට වන විපතක මහත! මා විනාශයි: මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසකු වන අපවිත්‍ර තොල් ඇති ජනතාවක් අතර වෙසෙන, මා මගේ ම ඇස්වලින් සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්වහන්සේ දුටු නිසා යැ” යි පැවසීමි.

