යෙසායා 6:1-4

යෙසායා 6:1-4 SCV

උස්සියා රජු මැරුණු අවුරුද්දේ, ස්වාමින්වහන්සේ උසස් වූ ද උත්තම වූ ද සිංහාසනයක වාඩි වී හිඳිනු මම දිටිමි. උන්වහන්සේගේ ලෝගුවේ වාටියෙන් දේව මාලිගය පිරී ගියේ ය. උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ. ඔවුහු එකිනෙකාට හඬ ගාමින්: “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, සේනාංකවල ස්වාමින්වහන්සේ! මුළු පොළොව ම උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරිලා” යි කීහ. ඔවුන්ගේ කටහඬේ නාදයට එළිපත්තේ අත්තිවාරම් සෙලවිණි. ගෘහය ද දුමින් වැසී ගියේ ය.

යෙසායා 6:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය