යෙසායා 59
59
පාපය, පාපොච්චාරණය සහ මිදීම
1ඔන්න! ගලවන්නට බැරි වන ලෙස, ස්වාමින්වහන්සේගේ බාහුව කෙටි වී නැත.
අසන්නට බැරි වන ලෙස, උන්වහන්සේගේ කන බිහිරි ව නැත.
2එහෙත් ඔබේ අයුතුකම් ඔබත්,
ඔබේ දෙවියන්වහන්සේත් අතර වෙන්වීමක් තනා ඇත.
ඔබේ පාප උන්වහන්සේට නො ඇසෙන ලෙසට
ඔබ වෙතින් උන්වහන්සේගේ මුහුණ සඟවා ඇත.
3මන්ද ඔබේ අත්, ලේ තැවරීමෙන් ද
ඔබේ ඇඟිලි, අයුක්තියෙන් ද කිලිටි වී ඇත.
ඔබේ දෙතොල මුසා පවසා ඇත.
ඔබේ දිව දුෂ්ටකම කොඳුරයි.
4යුක්ති සහගත ව නඩු කියන කෙනෙක් නැත.
අවංක ලෙස නීතිය සොයන කෙනෙක් නැත.
හිස් තර්ක මත රඳා සිටින ඔවුහු මුසා පවසති.
ඔවුහු මැරකම පිළිසිඳ, අයුතුකම බිහි කරති.
5ඔවුහු පොළොං බිත්තර රකිති;
මකුළු දැල බඳිති.
ඔවුන්ගේ බිත්තර කන කවරකු වුව මියෙනු ඇත.
තැළුණු බිත්තරයකින් විසකුරු පොළඟෙක් නික්ම එයි.
6ඔවුන්ගේ මකුළුදැල් ඇඳුම් ලෙස ගත නො හැකි ය.
ඔවුන් සාදන දෙයින් ඔවුන්ගේ ම ඇඟ වසා ගැනීමටවත් ඔවුනට නුපුළුවන.
ඔවුන්ගේ ක්‍රියා, අයුතුකමේ ක්‍රියා ය.
ඔවුන්ගේ අත්වල ඇත්තේ සැහැසිකමේ ක්‍රියා ය.
7ඔවුන්ගේ පාද, දුෂ්ටකම වෙත දුවයි.
නිර්දෝෂී ලේ හැලීමට ඔවුහු ඉක්මන් ය.
ඔවුන්ගේ සිතුවිලි, අයුතුකමේ සිතුවිලි ය.
ඔවුන්ගේ මහ මාවත්හි ඇත්තේ වියෝගය හා විනාශයයි.
8සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.
ඔවුන්ගේ අඩිපාරවල යුක්තියක් නැත.
ඔවුන්ගේ මාවත් ඔවුන් තනා ඇත්තේ වක ගසා ය.
ඒවායේ ගමන් ගන්නා කිසිවකුත් සාමය කවරේදැයි දැනගනු නැත.
9එබැවින් යුක්තිය, අපගෙන් බොහෝ ඈත ය.
දමිටුකම අපට ළං නො වේ.
අපි එළිය ගැන බලා සිටින්නෙමු. එහෙත් මෙන්න අඳුර!
දීප්තිය ගැන බලා සිටින්නෙමු. එහෙත් අප ඇවිද යන්නේ, අන්ධකාරයේ ය.
10අන්ධයින් මෙන් අප යන්නේ බිත්තිය දිගේ අතපත ගාමිනි;
පිය නගන්නේ ඇස් නැති අය මෙන් සෝදිසියෙනි;
මහ දවාලේදීත් ගොම්මනේදී මෙන් පැකිළෙන අප,
ශක්තිමතුන් අතරේ මළ මිනිසුන් වැන්න.
11අපි සැවොම වලසුන් මෙන් ගොරවන්නෙමු;
පරෙවියන් මෙන් දුකින් කෙඳිරි ගාන්නෙමු.
අපි යුක්තිය සොයන්නෙමු; එහෙත් කිසිවක් හමු නො වේ.
අපි මිදීම සොයන්නෙමු. එහෙත් එය අපෙන් ඈත ය.
12මන්ද අපගේ වරද ඔබ ඉදිරියේ බෙහෙවින් වැඩි වෙයි.
අපේ පාප අපට එරෙහිව සාක්ෂි දරයි.
අපගේ වරද හැම විට ම අප සමඟ ය;
අපේ අයුතුකම් අපි දන්නෙමු.
13ඒවා නම් කැරලිකාරීකම, ස්වාමින්වහන්සේට ද්‍රෝහිවීම,
අපේ දෙවියන්වහන්සේ අනුව නො යා, උන්වහන්සේට පිටුපෑම,
විරුද්ධ ව කතා කිරීම, කැරලි ගැසීමට පෙලඹවීම හා
අප සිත්හි පිළිසිඳි මුසා පැවසීම ය.
14එබැවින් යුක්තිය, ආපස්සට හරවනු ලැබ ඇත.
දමිටුකම, ඇත්තේ දුරස්ථ ව ය.
අවංකකමට, එහි ඇතුළු විය නො හැකි ලෙස
සත්‍යය පොදු පිට්ටනිවල පැකිළෙයි.
15සත්‍යය ඇත්තේ ම නැත.
දුෂ්ටකමින් වළකින කවරකු වුව, කොල්ලයක් වෙයි.
ස්වාමින්වහන්සේ බැලූ සේක.
යුක්තිය එහි නො වූ බැවින් උන්වහන්සේ නො සතුටු වූ සේක.
16කිසිවකු එහි නො වූ වග උන්වහන්සේ දුටු සේක.
මැදිහත් වන්නට කිසිවකු නො වූ බැවින් උන්වහන්සේ මවිත වූ සේක.
එබැවින් උන්වහන්සේගේ බාහුව උන්වහන්සේට ගැලවීම ගෙනාවේ ය.
උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේ ඉසිලී ය.
17උන්වහන්සේ තම ධර්මිෂ්ඨකම ළය වැස්ම වශයෙන් පැලඳි සේක්,
ගැලවීමේ ආරක්ෂක හිස් වැස්ම තම හිසේ ලා ගත් සේක.
උන්වහන්සේ පළිගැනීමේ ඇඳුම් ඇඟ ලා,
පිට කබායක් සේ උද්වේගය ඇඟ ලා ගත් සේක.
18ඔවුන් කළ දෑ අනුව
උන්වහන්සේ පල විපාක දෙන සේක.
උන්වහන්සේගේ සතුරනට උදහස ය;
විරුද්ධවාදීන්ට ප්‍රති-විපාකය ය.
උන්වහන්සේ මුහුදුබඩ වෙසෙන්නන්ට පල විපාක දෙන සේක.
19එබැවින් ඔවුන් බස්නාහිර පටන් ස්වාමින්වහන්සේගේ නාමයට ද
හිරු නැගෙන දෙස පටන් උන්වහන්සේගේ තේජසට ද භය වනු ඇත.
මන්ද ස්වාමින්වහන්සේගේ සුළඟින් ගසා යැවෙන
වේගවත් ජල ප්‍රවාහයක් සේ, උන්වහන්සේ පැමිණෙන සේක.
20“මිදුම්කරුවාණෝ සියොන වෙත එන සේක.
යාකොබ් තුළ සිටින තම පාප ගැන පසුතැවෙන්නන් වෙත එන සේකැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
21“මා ගැන නම්, ඔවුන් සමඟ මගේ ගිවිසුම මේ යැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබ මත වෙසෙන මගේ ආත්මයාණන් හා මවිසින් ඔබේ මුවෙහි තබන ලද මගේ වචන මෙතැන් පටන් සදහට ම ඔබේ මුවින් හෝ ඔබේ දරුවන්ගේ මුවින් හෝ ඔවුන්ගේ දරු පරපුරේ මුවින් හෝ බැහැර නො වනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 59: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: