එබැවින් යුක්තිය, ආපස්සට හරවනු ලැබ ඇත. දමිටුකම, ඇත්තේ දුරස්ථ ව ය. අවංකකමට, එහි ඇතුළු විය නො හැකි ලෙස සත්‍යය පොදු පිට්ටනිවල පැකිළෙයි. සත්‍යය ඇත්තේ ම නැත. දුෂ්ටකමින් වළකින කවරකු වුව, කොල්ලයක් වෙයි. ස්වාමින්වහන්සේ බැලූ සේක. යුක්තිය එහි නො වූ බැවින් උන්වහන්සේ නො සතුටු වූ සේක. කිසිවකු එහි නො වූ වග උන්වහන්සේ දුටු සේක. මැදිහත් වන්නට කිසිවකු නො වූ බැවින් උන්වහන්සේ මවිත වූ සේක. එබැවින් උන්වහන්සේගේ බාහුව උන්වහන්සේට ගැලවීම ගෙනාවේ ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේ ඉසිලී ය. උන්වහන්සේ තම ධර්මිෂ්ඨකම ළය වැස්ම වශයෙන් පැලඳි සේක්, ගැලවීමේ ආරක්ෂක හිස් වැස්ම තම හිසේ ලා ගත් සේක. උන්වහන්සේ පළිගැනීමේ ඇඳුම් ඇඟ ලා, පිට කබායක් සේ උද්වේගය ඇඟ ලා ගත් සේක.
යෙසායා 59 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 59:14-17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ