යෙසායා 58:9-12

යෙසායා 58:9-12 SCV

එවිට ඔබ හඬ-ගසද්දී, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙන සේක. ඔබ මොර ගසන කල, ‘මෙන්න, මම මෙතැන ම’ යි උන්වහන්සේ පවසන සේක. “ඔබ මධ්‍යයෙන් ඔබ පීඩාවේ වියගහ ඉවත් කරන්නේ නම්, ඇඟිල්ල දිගු කිරීමත්, ද්වේෂ සහගත කතාවත් ඔබ ඉවතලන්නේ නම්, ඔබ සාගිනි වූවන් වෙනුවෙන් කැප වී, පීඩිතයින්ගේ අවැසිතා සපුරා, ඔවුන් තෘප්තියට පමුණුවයි නම්, අන්ධකාරයේදීත් ඔබේ එළිය නැගෙන්නේ ය; ඔබේ අඳුර, මද්දහන මෙන් වන්නේ ය. ස්වාමින්වහන්සේ නොකඩවා ඔබට මග පෙන්වනු ඇත; උන්වහන්සේ දුෂ්කර තැන්හි දී ඔබේ මනදොළ සෑහීමට පමුණුවා, ඔබේ අස්ථි ශක්තිමත් කරන සේක. ඔබ, මනාව දිය-සැපයුණු උයනක් මෙන්, කිසි දින නො සිඳෙන දිය උල්පතක් මෙන් වනු ඇත. තවද ඔබේ ඉපැරණි නටබුන් යළි ගොඩ නගා, බොහෝ පරම්පරාවල අත්තිවාරම් ඔබ නගා සිටුවනු ඇත. කැඩුණු පවුරු පිළිසකර කරන්නා ය, වාසය පිණිස වීදි ප්‍රකෘතිමත් කරන්නා ය යනුවෙන් ඔබ හඳුන්වනු ලැබේ.