යෙසායා 57
57
1ධර්මිෂ්ඨ මිනිසා විනාශ වෙයි.
එහෙත් කිසිවකුත් ඒ ගැන සිතට නො ගනියි.
ධාර්මික මිනිස්සු ඉවත ගෙන යනු ලබති.
එහෙත් කිසිවකුට එය නො වැටහේ.
මන්ද ධර්මිෂ්ඨ මිනිසා ඉවත ගෙන යනු ලබන්නේ,
විපත්තිය වෙතින් ය.
2ඔහු සාමය වෙතට ඇතුල් වෙයි.
අවංකකමින් හැසිරෙන අය,
තම යහන්වල විවේකය ලබති.
3“එහෙත් නුඹලා, මන්තරකාරියගේ පුත්‍රයිනි,
පරදාරිකයින්ගේත්, දුරාචාර ස්ත්රියගේත් දරුවනි, ළං වෙයල්ලා.
4නුඹලා සමච්චල් කරන්නේ කවරකුට ද?
නුඹලා කට ඇර විලිස්සන්නේ කවරකුට ද?
නුඹලා දිව දිගු කරන්නේ කවරකුට ද?
නුඹලා කැරලිකාර පැටවුන් නො වේ ද?
රැවටිලිකාරයින්ගේ දරු පරපුර නො වේ ද?
5ඕක් ගස් අතරේත්, අතු විහිදුණු සියලු ගස් යටත්,
නුඹලා කාම-රාගයෙන් දැවෙති.
මිටියාවත්වලත්, නෙරා ගිය පර්වත කූට යටත්,
නුඹලා නුඹලාගේ ම දරුවන් බිලි-පූජා කරති.
6මිටියාවත්වල සුමුදු ගල් පිළිම, නුඹලාගේ පංගු කොටසයි.
නුඹේ කොටස ඒවා ය. ඒවා ම ය.
ඒවාට පාන පූජා වැගුරූ නුඹලා
ධාන්‍ය පූජා ද ඒවාට පිදුවහු ය.
මේවා කරද්දීත් මා අනුකම්පා දැක්විය යුතු ද?
7ඉහළට නැගුණු උත්කෘෂ්ට කන්දක් මත ඔබ ඔබේ යහන පිහිටුවා ගෙන ඇත.
ඔබේ පුද පූජා ඔප්පු කරනු පිණිස ඔබ එහි නැංගේ ය.
8ඔබ ඔබේ දොරවල් හා උළුවහු පිටුපස්සේ
ඔබ ඔබේ සිහිවටන තබාගෙන ඇත.
මන්ද මා අතැර දැමීමෙන්, ඔබ ඔබේ යහන ප්‍රදර්ශන කර ඇත;
ඔබ ඒ මතට නැග, එය දිග හළේ ය.
ඔබ සඳහා ම ඔවුන් සමඟ ගිවිසුමක් කළ ඔබ ඔවුන්ගේ යහනට පෙම් බැන්දේ ය.
පොරොන්දුවකට එළැඹුණු ඔබ, ඔබ ඔවුන්ගේ නිරුවත් භාවය දෙස බලා හුන්නේ ය.
9ඔබ රජු වෙත#57:9 රජු වෙත හෙවත් මොලෙක් දෙවියා වෙත ගමන් ගියේ, ඔලීව තෙල් රැගෙන,
ඔබේ සුවඳ ද්‍රව්‍ය වර්ධන කර ගෙන ය.
ඔබ, ඔබේ තානාපතීන් දුර ඈතට යැවී ය;
ෂෙයෝලට#57:9 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට ම බැස යැවී ය.
10අධික වූ ඔබේ මාර්ගවලින් ඔබ වෙහෙසට පත් විය.
එහෙත්, ‘එය නිෂ්ඵල යැ’ යි ඔබ කීවේ නැත.
ඔබේ සවියට නව පණක් ඔබට හමු වී ඇත.
එබැවින් ඔබ ක්ලාන්ත වූයේ නැත.
11“ඔබ මට බොරු කළේත්,
මා සිහි නො කළේත්,
ඔබේ සිතින් මේ ගැන කල්පනා නො කළේත්,
කවරකුට බියෙන් තැති ගත් නිසා ද?
නුඹ මට බිය නො වන්නේ
මා දිගු කලක් නිහඬ ව සිටි නිසා නො වේ ද?
12ඔබේ දමිටුකමත්, ඔබේ ක්‍රියාත් මම ප්‍රකාශ කරන්නෙමි.
එහෙත් ඒවායින් ඔබට වන සෙතක් නැත.
13උදවු ඉල්ලා ඔබ කෑ මොර දෙන කල,
ඔබ එක් රැස් කළ පිළිම නුඹලා මුදා ගත්තා වේ!
සුළඟට ඒ සියල්ල ගසා ගෙන යනු ඇත.
එක් සුසුම් පහරකින්, ඒවා ඉවත ගසා ගෙන යනු ලැබේ.
එහෙත් මගේ සරණ සොයන මිනිසා
දේශය උරුම කර ගනී.
මගේ ශුද්ධ කන්දේ හිමිකම ද ලබා ගනු ඇත.”
පසුතැවිලිවූවන්ට සැනසීම
14මෙසේ කියනු ලබනු ඇත:
“ගොඩ නගන්න. ගොඩ නගන්න. මාර්ගය සාදන්න.
මගේ ජනයාගේ මාර්ගයෙන් හැම බාධක ඉවත් කරන්න.”
15මන්ද උත්තම වූ ද උසස් කරනු ලැබුවා වූ ද
සදහට ම ජීවත් වන්නා වූ ද ශුද්ධය යන නාමය දරන තැනැත්තාණන් මෙසේ කියන සේක:
“මා වෙසෙන්නේ උත්තම, ශුද්ධ තැනක ය.
තවද යටහතුන්ගේ ආත්ම යළි පුබුදන්නටත්,
පසුතැවිලි හැඟීමෙන් යුතු වූවන්ගේ හදවත් යළි පුබුදන්නටත්
පසුතැවිලි හැඟීමෙන් හා යටහත් ආත්මයෙන් යුතු වූවන් සමඟ ද මම සිටිමි.
16මා සදහට වාද කරන්නේ නැත.
හැම විට මා කෝපයෙන් සිටින්නේ ද නැත.
නැතහොත් ආත්ම, මවිසින් මවන ලද ජීවන හුස්ම,
මා අබියස ක්ලාන්ත වී යනු ඇත.
17ඔහුගේ අයුක්ති සහගත වාසිය නිසා මම කෝප වීමි.
මම ඔහුට පහර දී, මගේ මුහුණ සඟවාගෙන තරහෙන් සිටියෙමි.
එහෙත් ඔහු තම හදේ මාර්ගවල ම දිගට ම පසුබට ව යන්නට වන්නේ ය.
18ඔහුගේ මාර්ගය මම දැක ඇත්තෙමි. එහෙත් මම ඔහු සුව කරමි.
මා ඔහුට මගපෙන්වා, ඔහු සහ ඔහුගේ වැලපෙන්නන් යළි සැනසිල්ලේ පිහිටු වන්නෙමි.
19මම ඔවුන්ගේ තොල්වල ප්රශංසාවේ පල මවන්නෙමි.
දුර සහ ළඟ සිටින්නවුනට සාමය, සාමය වේවා! මම ඔහු සුව කරන්නෙමි” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
තවද මම ඔහු සුව කරන්නෙමි.
20එහෙත් දුෂ්ටයෝ නිසල වීමට නො හැකි
ඒ මේ අත රළ ගසන මුහුද වැන්න.
එහි රළරැළින් කුණු හා මඩ කලත්තයි.
21“දුෂ්ටයිනට සාමයක් නැතැ” යි මගේ දෙවියන්වහන්සේ පවසන සේක.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 57: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: