අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ බාහුව, හෙළි කරන ලද්දේ කවරකුට ද? මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ, වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය. එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ අපට ප්‍රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත. මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය. එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය. එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය. අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි. එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු. අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු; අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි; ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම් එතුමන් පිට තැබූ සේක. එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු එතුමා තම මුව විවර කළේ නැත. මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව, විවර කළේ නැත. එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි; මගේ ජනයාගේ නොපනත්කම් නිසා ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද?
යෙසායා 53 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 53:1-8
4 Days
Is your life characterized by joy? If you’re not sure exactly what that means or would look like, spend the next four days learning from theologian Eugene H. Peterson. Peterson, an author, biblical scholar, and pastor, uncovers the essential nature of joy to the Christian experience. His example, in life as well as in death, was characterized by joy. Find yourself renewed, springing forth no matter the circumstances.
5 Days
The single most significant point that there has ever been in human history didn’t start out all that impressive. The life, death, and resurrection of Jesus began with a birth that confounded expectations and rewrote the rules. And yet there was majesty in the manger. But why did it have to be that way? Join this little wander through the Bible's back streets as worship gets truly festive.
This 5-day plan will help you know the true meaning of Easter. Jesus endured terrible suffering and even death for you to have life. Are you ready to experience this victory over death that we have in Jesus Christ? Your life will be transformed!
This video plan is all about the Bible. What is it? Why should you read it? Where do you start? Why is it more important than other books? Learn how this one book changes the world and eternities!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ