යෙසායා 52:13-15

යෙසායා 52:13-15 SCV

මෙන්න, මගේ සේවකයා නැණවත් ව ක්‍රියා කරනු ඇත. ඔහු උසස් කරනු ලැබ, ඔසවනු ලැබ, ඉතා උතුම් බවට පත් කෙරෙනු ඇත. බොහෝ දෙනකු ඔබ දෙස මවිතයෙන් බැලූ පරිදි ඔහුගේ පෙනුම අන් කවර මිනිසකුටත් වඩා අවලක්ෂණ විණි. ඔහුගේ ස්වරූපය මිනිස් සමානකමකට වඩා විරූපී විණි. මෙසේ එතුමන් බොහෝ ජාතීන්ට ඉසිනු ඇත. ඔහු නිසා රජවරුන් තම මුව වසා ගනු ඇත. මන්ද, ඔවුනට නො පැවසූ දෑ, ඔවුන් දකිනු ඇත. ඔවුන් නො ඇසූ දෑ, ඔවුන් වටහා ගනු ඇත.