යෙසායා 52:1-2
යෙසායා 52:1-2 SCV
එම්බා සියොන, පිබිදෙන්න; පිබිදෙන්න! ඔබේ සවියෙන් සැරසෙන්න. ඔබේ ශෝබන ඇඳුම් ඇඟ ලා ගන්න, එම්බා යෙරුසලම, ශුද්ධ නගරය. මන්ද තවදුරටත් ඔබ තුළට චර්මඡේද නො වූවන් හා අපවිත්‍ර වූවන් ඇතුළු වන්නේ නැත. ඔබේ දූලි ගසා දමා, නැගිට, හිඳගන්න, එම්බා යෙරුසලම. වහල්කමට ගිය සියොන් දියණිය, ඔබේ ගෙල බැඳි සිර-බැඳුම්වලින් නිදහස් වන්න.

