යෙසායා 51:12-16
යෙසායා 51:12-16 SCV
“ඔබ සනසන තැනැන්වහන්සේ මම ය. මම ම ය. මැරෙන සුළු මිනිසුන්ට, තණපත් බඳු වූ මනුෂ්‍ය-පුත්‍රයින්ට භය වන ඔබ කවුද? අහස විහිදවා, පොළොවේ අත්තිවාරම් දැමූ ඔබේ මැවුම්කාර ස්වාමින්වහන්සේ අමතක කිරීමට ඔබ කවුද? විනාශ කිරීමට අදිටන් කර ගත් පීඩකයාගේ උදහස නිසා, එක දිගට දවස මුළුල්ලේ ඔබ භයෙන් සිටින්නට ඔබ කවුද? කෝ! පීඩකයාගේ උදහස කොහේ ද? පීඩාවට පත් වූ තැනැත්තා වහා නිදහස ලබන්නේ ය. ඔහු මියෙන්නේ නැත. නරාවළට බැස යන්නේ නැත. ඔහුට අහර හිඟ වන්නේ ද නැත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මම මුහුදු රළ පෙළ ඝෝෂා කරවන පිණිස, මුහුද කලතන තැනැන්වහන්සේ වෙමි. උන්වහන්සේගේ නාමය සේනාංකවල ස්වාමින්වහන්සේ ය. මගේ වචන මම ඔබේ මුවෙහි තබා, මගේ අතේ සෙවණැල්ලෙන් මම ඔබ ආවරණ කළෙමි. අහස පිහිටු වූයේත්, පොළොවේ අත්තිවාරම් ලා, ‘මගේ ජනයා ඔබ යැ’ යි සියොනට කියන්නේත් මම ය.”

