යෙසායා 49:8-13

යෙසායා 49:8-13 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ප්‍රසාදයේ කාලයකදී මම ඔබට පිළිතුරු දුනිමි. ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි. මම ඔබ ආරක්ෂා කරමින්, ජනතාවට ගිවිසුමක් වශයෙන් දෙන්නෙමි. එසේ කරන්නේ, දේශය පිළිසකර කරන්නටත්, එහි පාළු උරුමය යළි පවරා දීමටත්, සිරකරුවන්ට, ‘පිටතට එන්න!’ කියා ද අඳුරෙහි සිටින්නන්ට ‘පෙනී සිටින්න’ කියා ද කියන්නටත් ය. “මග දිගට ම ඔවුන්ට අහර ලැබේ. විවෘත සියලු උස් බිම් ඔවුන්ගේ ගොදුරු බිම් වනු ඇත. ඔවුනට සාගිනි වන්නේවත්, පිපාස වන්නේවත් නැත. කාන්තාර ගිනියම හෝ හිරු ඔවුනට පීඩා කරන්නේ නැත. මන්ද ඔවුනට අනුකම්පා කරන තැනැන්වහන්සේ ඔවුනට මග පෙන්වමින් දිය උල්පත් ඔස්සේ ඔවුන් ගෙන යන සේක. මගේ සියලු කඳු මම පාරක් කරන්නෙමි. මගේ මහ මාර්ග ද ඉදි කෙරෙනු ඇත. බලනු! මේවා එන්නේ ඈත එපිට සිට ය. බලන්න, මේවා උතුරේ සිට ය. මේවා බටහිර සිට ය. මේවා සීනීම් දේශයේ සිට ය.” සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි, එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න. එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක. පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක.