යෙසායා 49:13-18

යෙසායා 49:13-18 SCV

සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි, එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න. එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක. පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක. එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක. මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය. “තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත. මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය. ඔබේ දරුවෝ කඩිනමින් ආපසු එති; ඔබ බිඳ දැමූවෝ, ඔබ වැනසූවෝ ඔබෙන් ඉවත් ව යති. ඔබේ ඇස් විදහා අවට බලන්න. ඔවුහු සියල්ලෝ එක් වී, ඔබ වෙත එන්නෝ ය. මා ජීවත් වන වග සැබෑ සේ ම, ආභරණ සේ ඔබ ඔවුන් හැම පැලඳ ගනු ඇත. මනාලියක සේ ඔබ ඔවුන් බැඳ ගනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.