යෙසායා 49:1-3

යෙසායා 49:1-3 SCV

එම්බා දූපත්නි, මට සවන් දෙන්න. දුරස්ථ ජනයිනි, අවධානය දෙන්න. ගර්භාශයේ මා සිටියදී, ස්වාමින්වහන්සේ මා කැඳවූ සේක. මවු කුස තුළ සිටියදී, උන්වහන්සේ මගේ නම සඳහන් කළ සේක. උන්වහන්සේ මගේ මුඛය තියුණු කඩුවක් සේ කළ සේක. ස්වකීය හස්ත-සෙවණැල්ලෙහි මා සැඟ වූ සේක. ඔප දැමූ හීයක් බවට මා පත් කළ උන්වහන්සේ, තම හී කොපුවෙහි මා සැඟ වූ සේක. උන්වහන්සේ කතා කොට, “මගේ සේවකයා ඔබයි ඉශ්‍රායෙල්, නුඹ තුළින් මම තේජසට පත් වන්නෙමි” යි පැවසූ සේක.