යෙසායා 44:24-28

යෙසායා 44:24-28 SCV

මව් කුසයේ ඔබ හැඩගැන් වූ, ඔබේ ගැලවුම්කරු වූ ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මේ සියලු දේ සෑදූ ස්වාමින්වහන්සේ අහස් කුස තනි ව දිග හළ තැනැත්තාණන්, පොළෝ තලය ඇතුරූ තැනැත්තාණන් මම ය. බොරුකරුවන්ගේ නිමිති ව්‍යර්ථ කරන්නේත්, පේන කියන්නන් මෝඩයින් කරවන්නේත් මා ය. පණ්ඩිතයින් ආපස්සට හරවා, ඔවුන්ගේ දැනුම මොට කරන්නේත්, මගේ සේවකයින්ගේ වචන ස්ථිර කරන්නේත්, මගේ පණිවුඩකරුවන්ගේ උපදේශන ඉටු කරන්නේත්, “යෙරුසලම ගැන, ‘එය ජනාවාස වේ’ ය කියන්නේත්, යූදා නගර ගැන, ‘ඒවා ගොඩ නගනු ලැබේ’ ය කියන්නේත්, ඒවායේ නටබුන් ‘යළි පිළිසකර කෙරේ’ ය කියන්නේත්, දිය පිරි ගැඹුර අමතා, ‘සිඳී යන්න. මම ඔබේ දිය පාරවල් වියළවන්නෙමි’ යි කියන්නේත්, කෝරෙෂ් ගැන, ‘මගේ එඬේරා ඔහු’ ය. මගේ අරමුණු සියල්ල ඔහු ඉටු කරනු ඇත. යෙරුසලම ගැන, ඔහු, ‘එය යළි ගොඩ නැගේවා’ කියා ද දේව මාලිගය ගැන, ‘එහි අත්තිවාරම් දමනු ලැබේවා’ කියා ද කියනු ඇතැයි කියන්නේත් මම ය.”