යෙසායා 44:1-5
යෙසායා 44:1-5 SCV
“එහෙත් දැන්, එම්බා යාකොබ්, මගේ සේවකය, මා තෝරාගත් ඉශ්‍රායෙල්, සවන් දෙන්න. ඔබ තැනූ, මවු කුස තුළ ඔබ නිම වූ, ඔබට උපකාර කරන තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: භය නො වන්න, එම්බා යාකොබ්, මගේ සේවකය, මා තෝරාගත් යෙෂුරූන්. මන්ද පිපාසිත දේශය මත මම ජලය වගුරුවමි. වියළි බිම මත දිය පාරවල් වගුරුවමි. ඔබේ දරු පරපුර මත මම මගේ ආත්මයාණන් වගුරුවමි. තවද මගේ ආශිර්වාදය ඔබෙන් පැවත එන්නන් මත ය. තණ පිටියක තෘණ මෙන් ද ගලා යන දිය පහරවල් ළඟ පොප්ලර් ගස් මෙන් ද ඔවුන් පැන නගිනු ඇත. ‘මා ස්වාමින්වහන්සේට අයිති යැ’ යි කෙනකු කියනු ඇත. තවත් කෙනකු යාකොබ් නාමයෙන් තමන් හඳුන්වා දෙනු ඇත. ‘ස්වාමින්වහන්සේගේ යැ’ යි තවත් කෙනකු තම අතෙහි ලියාගෙන, ඉශ්‍රායෙල් නාමය පවරාගනු ඇත.

