යෙසායා 43:3-5
යෙසායා 43:3-5 SCV
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය. මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි. මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්, මම ඔබට ප්‍රේම කරමි. ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද මම හුවමාරු වශයෙන් දෙන්නෙමි. භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය. මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි. බටහිර සිට ඔබ එකතු කරන්නෙමි.

