යෙසායා 43:16-21
යෙසායා 43:16-21 SCV
මුහුද මැදින් පාරක් තැනූ, මහ ජල කඳ මැදින් මාවතක් තැනූ, යළි කිසි දා නො නැගිටින සේ එහි වැදහෙව, පහනක නිවී-නැතිවී යන ගිනි දැල්ල පරිදි, වැටී ගිය යුද්ධ රථ හා අශ්වයින් ද හමුදාව සමඟ බළඇණි ද ගෙන ආ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුගිය දේවල් මතක් නො කරන්න. ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න. මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි. වන මෘගයින්, සිවලුන් හා උකුසු බකමූණන් මට ගෞරව දක්වති. මන්ද මා තෝරාගත් මගේ ජනතාවට බීමට පාළුකරයෙහි ජලය ද මුඩු බිමෙහි ගංගා ද මා සපයා දෙන බැවිනි. මගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන පිණිස, මවිසින් හැඩ ගස්වන ලද ජනතාවකි ඔවුන්.

