යෙසායා 43:15-19

යෙසායා 43:15-19 SCV

මම ස්වාමින්වහන්සේ ය; ඔබගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. ඉශ්‍රායෙල්හි මැවුම්කරුවාණෝ ය; ඔබගේ රජ්ජුරුවෝ ය.” මුහුද මැදින් පාරක් තැනූ, මහ ජල කඳ මැදින් මාවතක් තැනූ, යළි කිසි දා නො නැගිටින සේ එහි වැදහෙව, පහනක නිවී-නැතිවී යන ගිනි දැල්ල පරිදි, වැටී ගිය යුද්ධ රථ හා අශ්වයින් ද හමුදාව සමඟ බළඇණි ද ගෙන ආ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුගිය දේවල් මතක් නො කරන්න. ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න. මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි.