යෙසායා 42:5-9

යෙසායා 42:5-9 SCV

දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ, පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ, ඒ මත වූ ජනයාට හුස්මත්, ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ස්වාමින්වහන්සේ මම ය. මම දමිටුකමින් ඔබ කැඳවීමි. මම ඔබේ අත අල්ලා ගනිමි. මම ඔබ තබා ගනිමි. ජනතාව සඳහා ගිවිසුමක් වශයෙන් හා ජාතීන් සඳහා එළියක් වශයෙන් මා ඔබ දෙන්නේ, අන්ධයින්ගේ ඇස් විවර කරන්නටත්, සිර ගෙයි සිටින සිරකරුවන් අන්ධකාරයේ හිඳ සිටින හිරගෙයින් පිටතට ගෙන ඒමටත් ය. “මම ස්වාමින්වහන්සේ ය. මගේ නාමය එයයි. මගේ ගෞරව-මහිමය, මම අන් කෙනකුට නො දෙමි. මට හිමි ප්‍රශංසාව පිළිමවලට නො දෙමි. බලනු! ඉස්සර දෑ පහ වී යයි. අලුත් දේවල් මම දැන් ප්‍රකාශ කරමි. ඒවා සිදු වන්නට පළමු, මම ඒවා ඔබට කියමි.”

යෙසායා 42:5-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය