යෙසායා 42:2-5
යෙසායා 42:2-5 SCV
ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත. ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත. තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.” දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ, පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ, ඒ මත වූ ජනයාට හුස්මත්, ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක

