යෙසායා 42:1-7
යෙසායා 42:1-7 SCV
“මෙන්න! මවිසින් උසුලන මගේ සේවකයා, මගේ ජීවය ප්‍රමෝද කරවන මවිසින් තෝරාගත් තැනැත්තා; මම ඔහු පිට මගේ ආත්මයාණන් තබමි. ඔහු, ජාතීනට යුක්තිය ගෙනෙනු ඇත. ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත. ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත. තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.” දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ, පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ, ඒ මත වූ ජනයාට හුස්මත්, ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ස්වාමින්වහන්සේ මම ය. මම දමිටුකමින් ඔබ කැඳවීමි. මම ඔබේ අත අල්ලා ගනිමි. මම ඔබ තබා ගනිමි. ජනතාව සඳහා ගිවිසුමක් වශයෙන් හා ජාතීන් සඳහා එළියක් වශයෙන් මා ඔබ දෙන්නේ, අන්ධයින්ගේ ඇස් විවර කරන්නටත්, සිර ගෙයි සිටින සිරකරුවන් අන්ධකාරයේ හිඳ සිටින හිරගෙයින් පිටතට ගෙන ඒමටත් ය.

