යෙසායා 41:17-20

යෙසායා 41:17-20 SCV

දුප්පතුන් හා හිඟකම් ඇති අය ජලය සොයා යති. එහෙත් බිඳකුදු එහි නැත. පිපාසයෙන් ඔවුන්ගේ දිව් වියළී යයි. එහෙත් ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට පිළිතුරු දෙමි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන මා, ඔවුන් අත්හරින්නේ නැත. මුඩු කඳු මුදුන්හි ගංගා ද මිටියාවත් මධ්‍යයේ දිය උල්පත් ද මම පැන නංවන්නෙමි. කාන්තාරය දිය පොකුණක් ද වියළි දේශය දිය උල්පත් ද කරන්නෙමි. මම වනාන්තරයේ දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි. කාන්තාර බිමෙහි සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි. එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත් ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය; ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.