යෙසායා 41:1-7

යෙසායා 41:1-7 SCV

එම්බා මූදුබඩ දූපත්නි, නිහඬ ව සවන් දෙන්න! ජනයෝ ඔවුන්ගේ ශක්තිය අලුත් කර ගනිත්වා! ඔවුහු ළං වෙත්වා. ඉන්පසු කතා කරත්වා! අපි එක් ව විනිශ්චය සඳහා ළඟා වෙමු. දමිටුකමින් තමාගේ සේවයට කැඳවාගෙන කෙනකු පෙරදිගින් කැලඹුවේ කවුරු ද? රජුන් පයින් පාගන පිණිස ඔහු තමන් ඉදිරියේ ජාතීන් පාවා දෙයි. තම අසිපතින් ඔවුන් දූලි බවට පමුණු වන ඔහු තම දුන්නෙන් බොල් පොතු සේ ඔවුන් ගසා යවනු ඇත. කලින් තමා පා නො තැබූ මාවතක් ඔස්සේ ඔවුන් ලුහුබඳිමින්, ඔහු නිරුපද්‍රිත ව, පෙරට ම යයි. පටන් ගැන්මේ සිට පරම්පරාවලට හඬ ගසමින්, මෙය ඉටු කළේ කවරෙක් ද? එය මුදුන් පත් කළේ කවුරු ද? මම ය. ස්වාමින්වහන්සේ ය. පළමු වැන්නා ය. මම අන්තිමයන් සමඟ ද වන්නෙමි. මම උන්වහන්සේ ය. මූදුබඩ දිවයින් එය දැක භය විණ. පොළෝ සීමා වෙවුලයි. ඔවුහු ළඟා වී, ඉදිරියට පැමිණෙති. හැම කෙනෙක් ම අනෙකාට උපකාර කරමින්, “සවිමත් වන්නැ” යි තම සහෝදරයාට කියයි. වඩුවා රන්කරුවාට අනුබල දෙයි. මිටියෙන් මටසිලුටු කරන්නා, කිණිහිරයෙන් තලන්නා දිරිගන්වයි. “එය කදිම යැ” යි පෑස්සීම ගැන ඔහු කියයි. එය පෙරළී නො වැටෙන පිණිස, ඔහු එය ඇණ ගසා සවි කරයි.