යෙසායා 40:6-9
යෙසායා 40:6-9 SCV
“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න. තණපත් වියළෙයි; මල් පරවෙයි. මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ. සැබවින් ම ජනයා තෘණ ය. තණපත් වියළෙයි; මල් පරවෙයි. එහෙත් අපගේ දෙවියන්වහන්සේගේ වචනය, සදහට පවතියි.” ඔබ, උස කන්දකට නගින්න එම්බා සියොන, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. ඔබේ කටහඬින් ශක්තිමත් ව මොර හඬ නගන්න. එම්බා යෙරුසලම, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. උස් හඬ නගන්න. භය නො වන්න. “මෙන්න ඔබේ දෙවියන්වහන්සේ!” යි යූදා නගරවලට පවසන්න.

