යෙසායා 40:12-15

යෙසායා 40:12-15 SCV

මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද? අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද? පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද? තරාදියකින් කඳු ද තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද? උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද? අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද? උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද? උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද? නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද? සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි.