හෙසකියා රජු ඒ ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු විය. තවද ගෝණි රෙදි හැඳි රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ප්‍රධාන පූජකයින් ද ඔහු ආමෝස්ගේ පුත්‍ර දිවැසිවර යෙසායා වෙත පිටත් කළේ ය. ඔවුහු ඔහු අමතා, “හෙසකියා මෙසේ කියයි: ‘අද දවස විපත්තියේ, තරවටුවේ හා නින්දාවේ දවසක්; දරුවන් උපදින මොහොතට පැමිණ ඇති නමුත් ඔවුන් බිහි කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්නට, ඔහුගේ ස්වාමියා වන අසිරියාවේ රජු විසින් එවන ලද ක්ෂේත්‍ර අණ දෙන්නාගේ වචන ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අසන්නට ඇත. ඇතැම් විට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඇසූ වදන් ගැන උන්වහන්සේ ඔහුට තරවටු කරනු ඇත. එබැවින් තවමත් ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා උදෙසා යාච්ඤාව ඔසවන්න’ කියා කියතැ” යි පැවසූහ. හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන භය නො වන්න. ඔන්න! කිසියම් ආරංචියක් අසා, තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය. අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි. එකල කූෂීය රජු වූ තිර්හාකා පිළිබඳව, “ඔබට එරෙහිව සටන් වදින්නට ඔහු පිටත් ව එන්නේ ය” යන පුවතක් සෙනකෙරීබ් රජුට ලැබිණ. එය ඇසූ කල, ඔහු හෙසකියා රජු වෙත පණිවුඩකරුවන් පිටත් කර, මෙසේ දැන්වී ය. “යූදාහි රජු වූ හෙසකියාට ඔබ මෙසේ කියන්න: ‘අසිරියාවේ රජු අතට යෙරුසලම යටත් කර දෙනු නො ලැබේ ය’ කියමින් ඔබ රවටන්නට ඔබ විශ්වාසය තබන දෙවියන්වහන්සේට ඉඩ නො දෙන්න. මෙන්න, අසිරියාවේ රජුන් හැම රටක් ම විනාශයට කැප කරමින්, ඒවාට කළ හදිය ගැන ඔබ අසා ඇත. ඉදින්, ඔබට ගැලවිය හැකි වේ ද? මගේ පියවරුන් විනාශ කළ ජාතීන්ගේ දෙවිවරුන් වන ගෝසාන්, හාරාන්, රෙසෙෆ් හා තෙලස්සාර්හි එදෙන් ජනයාගේ දෙවිවරුන් ඔවුන් මුදා ගත්තා ද? හමාත්හි රජු කොහේ ද? අර්පාද්හි රජු කොහේ ද? සෙෆර්වයිම් පුරෙහි රජු හෝ හේනාහි හෝ ඉව්වාහි හෝ රජුන් කොහේ ද?”
යෙසායා 37 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 37:1-13
17 Days
In this BibleX study, you will explore the prophetic books of Isaiah, Jeremiah, Hosea, Jonah, and Amos. You will study portions of Scripture, learn the key points by viewing a short video, and grow by applying the Scripture’s teachings to your life. BibleX is a free resource to help expand your knowledge of the Bible.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ