යෙසායා 18

18
කූෂ් දේශයට එරෙහිව
1කූෂ්හි ගංගාවනට ඔබ්බෙන් වූ
කරකැවෙන පියාපත් ඇති දේශයට දුක් වේ!
2එය, ජල මතු පිට පැපිරස් බෝට්ටු මගින්
මුහුදින් නියෝජිතයින් යවයි.
ඉක්මන් පණිවුඩකරුවනි, යන්න;
සුසිනිඳු උස ජනතාවක් වෙත.
ළඟ පාත මෙන් ම දුර බැහැර බිය පැතුරූ ජනතාවක් වෙත.
ගංගාවලින් බෙදුණු දේශයක් ඇති ප්‍රබල#18:2 ප්‍රබල හෙවත් අමුතු කතාවක් සහිත
එමෙන් ම ජයග්‍රාහී ජාතියක් වෙත.
3පොළෝ තලේ වාසය කරන
ලෝ වැසි සියලු ජනයිනි,
කඳු පිට කොඩියක් එසවූ කල,
බලනු!
හොරණෑව හැඬවුණු කල,
අසනු!
4 ස්වාමින්වහන්සේ මට පැවසුවේ මෙයයි:
“හිරු එළියෙහි පැහැදිලි තාපය මෙන්,
අස්වනු කාලයේ උණුසුමේ පිනි වලාවක් මෙන්
මගේ නිවස්නයේ සිට නිසසල ව මම බලා හිඳින්නෙමි.”
5මන්ද අස්වැන්නට පෙර, මල් මොට්ටු හැලී,
මල්වලින් මිදි පල හටගෙන ඉදී එන කල,
උන්වහන්සේ කප්පාදු පිහියකින් රිකිලි රැහැ,
පැතුරුණු අතු කපා ඉවත දමන්නේ ය.
6ඒ සියල්ල කඳුවල මාංස භක්ෂක පක්ෂීන්ට හා
වන මෘගයින්ට හැර දැමේ.
ග්‍රීෂ්ම කාලය පුරා පක්ෂීන් ද
ශීත කාලය පුරා වන මෘගයින් ද එයින් යැපේ.
7ඒ කාලයේදී සේනාංකවල ස්වාමින්වහන්සේ වෙත තෑගි-පඬුරු ගෙනෙනු ලැබෙන්නේ,
සුසිනිඳු උස ජනතාවක් වෙතිනි;
ළඟ පාත මෙන් ම දුර බැහැර බිය පැතුරූ ජනතාවක් වෙතිනි.
ගංගාවලින් බෙදුණු දේශයක් ඇති ප්‍රබල
එමෙන් ම ජයග්‍රාහී ජාතියක් වෙතිනි.
ඒවා ගෙනෙනු ලැබෙන්නේ, සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමය දරන ස්ථානය වන සියොන් කන්ද වෙත ය.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 18: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න