යෙසායා 12:4-6
යෙසායා 12:4-6 SCV
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න. උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා, උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න. ස්වාමින්වහන්සේට ගායනා කරන්න. මන්ද උන්වහන්සේ අති විශිෂ්ට දෑ කර ඇත. පොළොව මුළුල්ලේ එය දැනගන්නට සලස්වන්න. සියොනෙහි වැසියෙනි, උස් හඬින් මොර ගසා, ප්‍රීතියෙන් ගී ගයන්න. මන්ද ඔබ මධ්‍යයේ සිටින ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ උත්තම බැවිනි.”


