යෙසායා 11:1-5

යෙසායා 11:1-5 SCV

යෙස්සේගේ කඳ කොටසෙන් අංකුරයක් පැන නගිනු ඇත. ඔහුගේ මුල්වලින් ශාඛාවක් නැගී, පල හට ගැනෙනු ඇත. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එතුමන් මත පිහිටා සිටින සේක. ආත්මයාණෝ ප්‍රඥාවේ ද වටහා ගැනීමේ ද ආත්මයාණන් ය. අනුශාසනාවේ හා බලයේ ද ආත්මයාණන් ය. දැනගැන්මේ ද ස්වාමින්වහන්සේට භය-පක්ෂපාතීත්වයේ ද ආත්මයාණන් ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වීමෙන්, උන්වහන්සේ ප්‍රමෝදයට පත් වනු ඇත. එතුමන් තම ඇසින් දකින දැයින්, විනිශ්චය නො කරනු ඇත. තම කනින් අසන දැයින්, තීරණයකට නො බසිනු ඇත. එහෙත් එතුමන් දමිටුකමින් දුප්පතුන් විනිශ්චය කරනු ඇත. පොළොවේ පීඩිතයින් සඳහා එතුමන් යුක්ති සහගත තීරණ දෙනු ඇත. එතුමන් තම මුවෙහි ඉපලෙන් පොළොවට පහර දෙනු ඇත. එතුමන් තම තොල්වල හුස්මෙන් දුෂ්ටයින් මරා දමනු ඇත. දමිටුකම එතුමන්ගේ ඉඟ පටියයි. විශ්වාසවන්තකම එතුමන්ගේ බඳ පටියයි.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 11:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය