යෙසායා 1
1
1උස්සියා, යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදාහි රජවරුන්ගේ පාලන දවස්වලදී යූදා හා යෙරුසලම ගැන ආමෝස්ගේ පුත්‍ර යෙසායා දුටු දර්ශනය ය.
කැරලිකාර ජාතිය
2එම්බා අහස් තලයෙනි, මේ අසනු! එම්බා පොළොව, සවන් දෙනු!
මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක:
“මම දරුවන් හදා-වඩා, ඇතිදැඩි කළෙමි.
එහෙත් ඔවුහු මට එරෙහිව කැරලි ගැසූහ.
3ගොනා උගේ හාම්පුතා ද
බූරුවා උගේ හිමිකරුගේ ගාල ද දනියි.
එහෙත් ඉශ්රායෙල් දන්නේ නැත;
මගේ ජනයා වටහා ගන්නේ නැත.”
4අහෝ, පව්කාර ජාතියක් ද
අයුතුකමෙන් බර ජනතාවක් ද
දුෂ්ටකම් කරන්නවුන්ගේ පැටවුන් ද
දූෂිතයට ගැති දරුවන් ද වන ඔවුහු
ස්වාමින්වහන්සේ අත්හැරියහ.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ හෙළා දුටු ඔවුහු,
උන්වහන්සේට තම පසු පස හැරවූහ.
5කුමට තවත් නුඹලා තැළුම් ලබන්නහු ද?
කුමට කැරලිකාරකමෙහි එල්බ සිටින්නහු ද?
මුළු හිස ම ලෙඩ වී ඇත.
හදවත මුළුමනින් මුර්ජාවට පත් ව ඇත.
6ඔබේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා
කිසි තැනක සනීපයක් නැත.
ඇත්තේ තුවාල ද කැළැල් ද
අමු වණ ද පමණි.
ඒවා පිරිසිදු කොට නැත. වෙළා නැත.
තෙල් ගල්වා, සනහා නැත.
7ඔබේ රට පාළු වී ඇත.
ඔබේ නගර ගින්නෙන් දවනු ලැබ ඇත.
ඔබේ දේශය ඔබේ ඇස් ඉදිරිපිටදී ම
විදෙස්සන් අතින් වැනසේ.
විදෙස්සන් විසින් බිඳ හෙළන ලද සේ එය වැනසී ඇත.
8සියොන් දියණිය අත්හරිනු ලැබ ඇත්තේ,
මිදි වත්තක මඩුවක් ලෙසිනි.
කැකිරි යායක පැලක් ලෙසිනි.
වටලන ලද නුවරක් ලෙසිනි.
9සේනාංකවල ස්වාමින්වහන්සේ
ජීවත් ව ඉතිරි ස්වල්ප දෙනකු අපට ඉතිරි කර නො තිබිණි නම්,
අප, සොදොමට සමාන වන්නට තිබිණි.
අප, ගොමොරාව මෙන් වන්නට තිබිණි.
10සොදොම් පාලකයිනි,
ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න.
ගොමොරා ජනතාවනි,
අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු.
11“නුඹලාගේ නිමක් නැති පූජා,
මට කුමකට දැ?” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
බැටළු-දවන යාග පූජා හා
තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත.
ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ,
මට කිසි ප්‍රසන්නතාවක් නැත.
12මා අබියස පෙනී සිටින්නට එන කල,
මගේ මිදුල් මෙසේ පාගන්නට
ඔබට කීවේ කවුරු ද?
13නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න.
ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි.
නව සඳ හා සබත් ද සභා සමුළු යන
ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක.
14ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට
මම ද්වේෂ කරමි.
ඒවා මට බරක් වී ඇත.
ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි.
15ඔබේ අත් ඔබ දිගු කරන කල,
මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි.
වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්,
මම සවන් නො දෙන්නෙමි.
ඔබේ අත් ලෙයින් පිරී ඇත.
16ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න.
මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න.
වැරදි කිරීම නවතන්න.
17හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න.
පීඩා කරන්නන් නිවැරදි කරන්න#1:17 පීඩා විඳින්නන්ට උපකාර කරන්න ලෙස ද අදහස් විය හැක..
පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න.
වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.
18“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
19ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
20එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්,
කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.”
මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.
21විශ්වාසවන්ත පුරවරය
වෙසඟනක් වූයේ කෙලෙස ද!
වරක් යුක්තියෙන් පිරී සිටි ඇය තුළ
දමිටුකම ලැගුම් ගෙන සිටි නමුදු,
දැන් සිටින්නේ මිනී මරුවෝ ය.
22ඔබේ රිදී, රොඩු-බොර වී ඇත.
ඔබේ ඉස්තරම් මිදි යුෂ, වතුර සමඟ කලවම් වී ඇත.
23ඔබේ පාලකයෝ කැරලිකරුවෝ ය;
සොරුන්ගේ හවුල්කරුවෝ ය.
ඔවුන් සියල්ලෝ අල්ලසට ආලය කරති.
වාසි පසු පස හඹා යති.
පියා නැති අනාථ දරුවන්ට, ඔවුන් යුක්තිය ඉටු කරන්නේ නැත.
වැන්දඹුවන්ගේ කන්නලව්, ඔවුන්ගේ සැලකිල්ලට යොමු නො වේ.
24එබැවින්, ස්වාමින්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ වන
ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ, මෙසේ ප්‍රකාශ කරන සේක:
“අහා! මගේ එදිරිවාදීන් පිට මම මගේ කෝපය පිට කරන්නෙමි.
මගේ සතුරන්ගෙන් මම ම පළිගන්නෙමි.
25මම, මගේ අත ඔබට එරෙහිව හරවමි.
ඔබේ රොඩු-බොර, මුළුමනින් ඉවත් කරන්නෙමි;
ඔබේ සියලු අපවිත්‍රතා, පහ කරන්නෙමි.
26අතීත දවස්හි දී මෙන් ඔබේ විනිශ්චයකරුවන් ද
පටන් ගැන්මේදී මෙන් ඔබේ උපදේශකයින් ද මම යළි පිහිටු වන්නෙමි.
ඉන්පසු ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ,
දමිටුකමේ පුරවරය,
විශ්වාසවත් පුරවරය යන ලෙසිනි.”
27සියොන් පුරය, යුක්තිය මගින් ද
එහි පසුතැවිලිවන්නෝ, දමිටුකම මගින් ද මුදනු ලබන්නෝ ය.
28එහෙත් කැරලිකරුවෝ හා පව්කරුවෝ එකවිට විනාශ කරනු ලබන්නෝ ය.
ස්වාමින්වහන්සේ අත්හැර යන්නෝ, වැනසී යන්නෝ ය.
29“ඔබ ඇලුම් කළ ඒලා ගස් නිසා,
ඔබ ලජ්ජාවට පත් වනු ඇත.
ඔබ තෝරාගත් උයන් නිසා,
ඔබ නින්දාවට පත් වනු ඇත.
30මන්ද ඔබ, කොළ මැලවෙන ඕක් ගසක් මෙන් ද
දිය නැති උයනක් මෙන් ද වනු ඇත.
31බලවන්තයා, වහා ඇවිළෙන පුළුන් මෙන් ද
ඔහුගේ වැඩ, ගිනි පුපුරක් මෙන් ද වනු ඇත.
ඔහුත්, වැඩත් එකවිට ඇවිළෙනු ඇත.
ඒවා නිවා දමන්නට කිසිවකුත් නො වනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: