සොදොම් පාලකයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ගොමොරා ජනතාවනි, අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු. “නුඹලාගේ නිමක් නැති පූජා, මට කුමකට දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. බැටළු-දවන යාග පූජා හා තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත. ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ, මට කිසි ප්‍රසන්නතාවක් නැත. මා අබියස පෙනී සිටින්නට එන කල, මගේ මිදුල් මෙසේ පාගන්නට ඔබට කීවේ කවුරු ද? නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක. ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි. ඔබේ අත් ලෙයින් පිරී ඇත. ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න. හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත. ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.
යෙසායා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 1:10-20
5 Days
Following God isn’t about striving; it’s about trusting. Join Melissa Spoelstra for this 5-day study and discover that Isaiah’s words reveal you can trust God more than your own human effort or the counterfeits the world suggests. You won’t be striving harder, but instead trusting more deeply the Faithful One who is worthy of our utter dependence. In Him you'll find the comfort and peace you need to sustain you.
8 Days
Psalm 11:3 (NIV) says “When the foundations are being destroyed, what can the righteous do?" In our world today, there are two foundational truths that are being undermined: the biblical idea of justice and the role of women in society. This is not an accident. Women, in their divine design, are indispensable to show humanity the mercy of God and His way to accomplish justice.
12 Days
“In these next days and weeks leading up to Easter, we’ll explore different scriptures. Each verse a thread in the tapestry of God’s great big redemption story – all culminating in the death and resurrection of Jesus Christ. In this Easter season, let’s slow down and create a regular rhythm of remembrance together.” (Lent – Lucy Weil)
14 Days
Theologian Krish Kandiah had been a missionary, a youth worker and a pastor – but for all his Christian qualifications, he found himself lost in his relationship with God. That was until he rediscovered his Christian faith through a simple secret: he was adopted by God. Krish shows us how the doctrine of adoption helps us to understand everything; it gives us purpose and power, perspective and peace.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ