හොරණෑව ඔබේ දෙතොලට තබන්න! ස්වාමින්වහන්සේගේ ගෘහයට ඉහළින් ගිජු ලිහිණියෙක් වැන්නකි. මන්ද ඔවුන් මගේ ගිවිසුම කඩා, මගේ ව්‍යවස්ථාවට එරෙහිව කැරලි ගැසූ බැවිනි. ඔවුන් මට හඬා වැටේ. “අහෝ මගේ දෙවියන්වහන්ස, ඉශ්රායෙල් වන අපි ඔබ හඳුනමු.” එහෙත් ඉශ්රායෙල් යහපත ඉවත ලූ නිසා, ඔහු පසු පස සතුරා හඹා එයි. ඔවුහු රජුන් පත් කර ගනිති; එහෙත් මා මගින් නො වෙයි. ඔවුහු අධිපතීන් තෝරා ගනිති. එහෙත් මා එය දන්නේ නැත. ඔවුහු තම රිදීයෙන් හා රනින් පිළිම සාදා ගනිති. ඒ තමන්ගේ ම විනාශයට ය. එම්බා සමාරිය, නුඹලාගේ වහු-පිළිමය ඉවත දැමිණ. ඔවුන්ට එරෙහිව මගේ කෝපය ඇවිළේ. නිර්දෝෂී වීමට තව කොපමණ කලක් ඔවුන් අපොහොසත් වේ ද? මන්ද එය ඉශ්රායෙලය වෙතිනි! මෙය සෑදුවේ ප්‍රතිමා-ශිල්පියෙකි; දෙවියන්වහන්සේ නො වේ. සමාරියේ පිළිම-වස්සා කෑලි කෑලිවලට කඩනු ලැබේ. ඔවුහු සුළඟ වැපුරූ බැවින්, සුළි සුළඟ කපා ගනිති. ගොයමේ කරල් නැත. එබැවින් ධාන්‍ය පිටි නැත. ගොයම් කරල් හටගත්ත ද, විදේශිකයෝ ඒවා ගිල දමති. ඉශ්රායෙල් ගිලගනු ලැබ ඇත; නො වටිනා බඳුනක් වැනි ව, ඈ දැන් ජාතීන් අතර වැදහොත්තී ය. මන්ද හුදකලාව අතරමං වූ කැලෑ බූරුවකු සේ ඔවුහු අසිරියාව බලා ගියහ. එප්‍රායිම්, ආදරවන්තයින්ට තමන් ම විකුණා ගත්තා ය. ඔවුන්, ජාතීන් අතරෙහි තමන් ම විකුණා ගත්තා වුව ද, දැන් මම ඔවුන් එකට එක් රැස් කරන්නෙමි. පඬුරු පාක්කුඩම් හේතු කොට බලසම්පන්න රජුගේ පීඩනය යටතේ ඔවුන් විනාශවීමට පටන් ගනී. එප්‍රායිම් පාප පූජා සඳහා පූජාසන වැඩි කරගත්තෙන්, ඒවා ඔහුට පාපය සඳහා පූජාසන බවට පත් වේ. මගේ නීතිවල ඔහු උදෙසා දහසක් දෑ ලියුව ද ඔවුන් එය මහ අමුතු දෙයක් ලෙස සලකනු ඇත. මගේ යාග පූජා සඳහා ඔවුහු මස් යාග කර, කා දමති. එහෙත් ස්වාමින්වහන්සේ ඒවා පිළිගන්නේ නැත. දැන් උන්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම සිහි කර, ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන සේක. ඔවුන් ඊජිප්තුවට ආපසු යනු ඇත. මන්ද ඉශ්රායෙල් තම මැවුම්කරුවාණන් අමතක කර, මාලිගා ගොඩ නැගී ය. යූදා බොහෝ නගරවලට ආරක්ෂක විධි විධාන සැලසී ය. එහෙත් මම ඒ පුර නගර පිට ගිනි බස්සන්නෙමි; ඔවුන්ගේ බළකොටු එයින් දැවී යනු ඇත.
හොෂෙයා 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හොෂෙයා 8:1-14
13 Days
God used Hosea to powerfully communicate His anguish towards the nation of Israel due to their continued idol worship. Hosea’s life and ministry show both the heart-breaking cost of idolatry as well as the lengths to which God will go to redeem His sinful people back to Him. This book reminds us that despite our sinful idolatry, God is always faithful.
14 Days
This prophet Hosea ministered during one of the most difficult times in Israel's history. The midst of the struggles, God called Hosea to speak wisdom to his people. So, what did Hosea tell them? And what can we learn from his wisdom today?
28 Days
Daily Bible reading helps you build consistent interaction with Scripture. Background, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers prompted by the day's passage will all help you connect with God and others. Journey with us this month and explore the theme “God’s Guiding Word: Sharing God's Love"
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme, “God’s Saving Word: Mercy and Forgiveness.” [Scriptures are quoted in the GNT.]
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ