හොෂෙයා 6:1-6

හොෂෙයා 6:1-6 SCV

“එමු; අපි ස්වාමින්වහන්සේ වෙත හැරී යමු. උන්වහන්සේ, කැබලිවලට අප ඉරා දැමූ නමුදු, උන්වහන්සේ ම අප සුව කරන සේක. උන්වහන්සේ අපට තුවාල කළ නමුදු උන්වහන්සේ ම බෙහෙත් බඳින සේක. දෙදිනකට පසු, උන්වහන්සේ අප පුබුදුවන සේක. තුන් වන දවසේ උන්වහන්සේ අප නැගිටුවන සේක. ඒ, උන්වහන්සේ අබිමුවේ අප ජීවත් වන පිණිස ය. අපි හැඳිනගනිමු; ස්වාමින්වහන්සේ හැඳින ගැනීමට උත්සුක වමු. හිරු පායන සේ, සැබවින් ම උන්වහන්සේ පිටත් ව එන සේක. පොළොව ජල ගන්වන මෝසම් වැසි මෙන් වැස්ස වගේ උන්වහන්සේ අප වෙත එන සේක.” එම්බා එප්‍රායිම්, නුඹ ගැන මම කුමක් කරම් ද? එම්බා යූදා, නුඹ ගැන මම කුමක් කරම් ද? නුඹගේ ප්‍රේමය හිමිදිරියේ මී-දුම වැන්න, අලුයම් උදයේ වියැකී යන පිණිකැට වැන්න. එබැවින් මගේ දිවැසිවරුන් මගින් මම ඔවුන් කපා දැමුවෙමි. මගේ මුවෙහි වචනවලින් මම ඔවුන් මරා දැමුවෙමි. මගේ විනිශ්චය පෙරට ඇදෙන්නේ විදුලිය සේ ය. මන්ද මම යාග පූජාවට නො ව, දයාවට ආශා ඇත්තෙමි. දවන යාග පූජාවට වඩා දෙවියන්වහන්සේ දැනගැනීමට ආශා ඇත්තෙමි.