හොෂෙයා 3
3
බිරිඳ මුදා ගැනීම
1 ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “නැවත ගොසින්, පරදාරිකාවක් වූ අන් පුරුෂයකුගේ ආදරයට ලක් වූ ස්ත්‍රියකට ආදරය කරන්න. ඔවුන් අන්‍ය දෙවිවරුන් වෙත හැරී, වියළි මිදි කැටිවලට ප්‍රේම කළා වුව ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට ප්‍රේම කළා සේ එසේ කරන්නැ” යි පැවසූ සේක.
2එබැවින් මම රිදී ෂෙකෙල් පහළොවක්#3:2 එනම් ග්‍රෑම් 170ක් පමණ. හා යව හෝමෙරයකුත් ලෙතෙකයකට#3:2 එනම් කිලෝග්‍රෑම් 195ක් පමණ. ඇය මිලයට ගෙන, 3පසුව ඇයට මෙසේ කීවෙමි: “නුඹ බොහෝ දවසක් මගේ වී, පැවත සිටිය යුතුයි. නුඹ වේශ්‍යාකම් නො කළ යුතුයි. නුඹ කිසි පිරිමියකුට නො බැඳිය යුතුයි. එවිට මමත් නුඹට එසේ වන්නෙමි” යි පැවසීමි.
4මන්ද ඉශ්‍රායෙල්වරුන් බොහෝ දවසක් රජකු හෝ අධිපතියකු හෝ නැතිව, පුද පූජා හෝ පූජනීය ගල් කුළුණු හෝ නැතිව, ඒපොද් සැට්ටයක් හෝ පිළිම රූප හෝ නැතිව වාසය කරනු ඇත. 5එයින් පසුව ඉශ්‍රායෙල් ජනයා ආපසු අවුත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඔවුන්ගේ රජු වූ දාවිත් සොයනු ඇත. ස්වාමින්වහන්සේ වෙත හා අවසන් දවස්හි උන්වහන්සේගේ ආශිර්වාද වෙත ඔවුහු භය පක්ෂපාතී ව එන්නෝ ය.
දැනට තෝරාගෙන ඇත:
හොෂෙයා 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: