හොෂෙයා 2:21-23

හොෂෙයා 2:21-23 SCV

“ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ඒ දවසේ මම ප්‍රතිචාර දක්වන්නෙමි.’  මම අහස්වලට ප්‍රතිචාර දක්වන්නෙමි; එවිට එය පොළොවට ප්‍රතිචාර දක්වන්නේ ය. එවිට පොළොව ප්‍රතිචාර දක්වන්නේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද සමඟිනි. මෙසේ ඒවා යෙස්රෙයෙල් වෙත ප්‍රතිචාර දක්වනු ඇත. දේශය තුළ මම මට ම, ඇය පැළකර ගන්නෙමි, ‘අනුකම්පා නො ලද්දී’ යි මා කී තැනැත්තියට මම මගේ අනුකම්පාව දක්වමි. ‘මගේ ජනයා නො වේ’ යි මා කී අයට, ‘මගේ ජනයා ඔබ යැ’ යි කියන්නෙමි. එවිට, ‘මගේ දෙවියන්වහන්සේ ඔබ යැ’ යි ඔබ පවසනු ඇත.”