“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන, පාළුකරයට කැඳවාගෙන ගොස්, මුදු වදනින් ඇයට කතා කරන්නෙමි. එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී, ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි. එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන් ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත. “ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත. තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත. මන්ද මම ඇගේ දෙතොලතරින් බාල් දේවතා නාම පහ කරන්නෙමි. තවදුරටත් ඔවුන්ගේ නාම භාවිත කෙරෙන්නේ නැත. ඒ දවසේ මම ඔවුන් උදෙසා, වන මෘගයින් ද අහස් පක්ෂීන් ද බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස දුන්න ද කඩුව ද සංග්‍රාමය ද මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි. මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි. දමිටුකමින් ද යුක්තියෙන් ද නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි. විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි. එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත.
හොෂෙයා 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හොෂෙයා 2:14-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ