හොෂෙයා 14:1-4

හොෂෙයා 14:1-4 SCV

එම්බා ඉශ්‍රායෙල්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී එන්න. ඔබේ වැටී යෑමට හේතුව ඔබේ අයුතුකමයි. වචන රැගෙන, ස්වාමින්වහන්සේ වෙත හැරී එන්න. උන්වහන්සේ අමතා මෙසේ කියන්න: “අපේ අයුතුකම් සියල්ල පහ කරන්න. හොඳ දේ පිළිගන්න. අපේ තොල්වල පූජා, ගවයින් මෙන් අපි පුදන්නෙමු. අසිරියාව අප ගලවන්නේ නැත. අශ්වයින් පිට අප නැගී යන්නේ නැත. අපේ ම අත්වලින් තැනුණු පිළිම රූපවලට ‘අපේ දෙවියන්වහන්සේ යැ’ යි තවදුරටත් අප කියන්නේ නැත. ඔබ තුළ අනාථයින්ට අනුකම්පාව ඇත.” “පසුබටවීමේ ඔවුන්ගේ ස්වභාව මම සුව කරන්නෙමි. නිදහස් සිතින් ඔවුන්ට ප්‍රේම කරන්නෙමි. මන්ද මගේ කෝපය ඔවුන් වෙතින් ඉවත හැරී ඇති බැවිනි.

මෙයට අදාළ වීඩියෝ

හොෂෙයා 14:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය