හොෂෙයා 12:1-8

හොෂෙයා 12:1-8 SCV

එප්‍රායිම් සුළඟින් පෝෂණය ලබමින්, දවස පුරා පෙරදිග සුළඟ හඹා යමින්, මුසාව හා ප්‍රචණ්ඩත්වය ගොඩ ගසයි. ඔහු අසිරියාව සමඟ ගිවිසුමක් කරමින්, ඊජිප්තුව වෙත තෙල් ගෙන යයි. යූදාට එරෙහිව ගෙනෙන්නට ස්වාමින්වහන්සේට පැමිණිල්ලක් ඇත. උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ ම මාර්ගවලට අනුව, දඬුවම් කරන සේක. ඔහුගේ ම ක්‍රියා කලාපයට අනුව, ඔහුට පල විපාක දෙන සේක. මවු කුස තුළ සිටියදී ඔහු, තම සහෝදරයාගේ විලුඹ අල්ලා ගත්තේ ය. වැඩුණු මිනිසකු වූ කල ඔහු, දෙවියන්වහන්සේ සමඟ පොර බැදී ය. ඔහු දේව දූතයා සමඟ පොර බදා, ජය ගත්තේ ය. ඔහු හඬා වැටී, එතුමන්ගේ උපකාරය යැද්දේ ය. ඔහු බෙතෙල්හි දී එතුමන් මුණ ගැසී, එහිදී එතුමන් සමඟ කතා කළේ ය. සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කීර්තිමත් නාමය ස්වාමින්වහන්සේ යන්න ය. එහෙයින් ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වෙත ආපසු එන්න. ප්‍රේමයේ ද යුක්තියේ ද පවතිමින්, නිරන්තර ව දෙවියන්වහන්සේ ගැන බලා සිටින්න. වෙළෙන්දා හොර තරාදි තම අතින් දරයි; වංචාකිරීමට ඔහු ආලය කරයි. එප්‍රායිම් මෙසේ කියයි: “ඔහෝ මම වස්තුකාරයෙක්. මහ ධනයක් මට සම්බ වෙලා. මගේ මහ ධනස්කන්ධය නිසා මගේ කාරණාවලදී මගේ අයුතුකමක් හෝ පාපයක් ඔවුන්ට හමුවන්නේ නැත.”