එප්‍රායිම් සුළඟින් පෝෂණය ලබමින්, දවස පුරා පෙරදිග සුළඟ හඹා යමින්, මුසාව හා ප්රචණ්ඩත්වය ගොඩ ගසයි. ඔහු අසිරියාව සමඟ ගිවිසුමක් කරමින්, ඊජිප්තුව වෙත තෙල් ගෙන යයි. යූදාට එරෙහිව ගෙනෙන්නට ස්වාමින්වහන්සේට පැමිණිල්ලක් ඇත. උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ ම මාර්ගවලට අනුව, දඬුවම් කරන සේක. ඔහුගේ ම ක්‍රියා කලාපයට අනුව, ඔහුට පල විපාක දෙන සේක. මවු කුස තුළ සිටියදී ඔහු, තම සහෝදරයාගේ විලුඹ අල්ලා ගත්තේ ය. වැඩුණු මිනිසකු වූ කල ඔහු, දෙවියන්වහන්සේ සමඟ පොර බැදී ය. ඔහු දේව දූතයා සමඟ පොර බදා, ජය ගත්තේ ය. ඔහු හඬා වැටී, එතුමන්ගේ උපකාරය යැද්දේ ය. ඔහු බෙතෙල්හි දී එතුමන් මුණ ගැසී, එහිදී එතුමන් සමඟ කතා කළේ ය. සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කීර්තිමත් නාමය ස්වාමින්වහන්සේ යන්න ය. එහෙයින් ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වෙත ආපසු එන්න. ප්‍රේමයේ ද යුක්තියේ ද පවතිමින්, නිරන්තර ව දෙවියන්වහන්සේ ගැන බලා සිටින්න. වෙළෙන්දා හොර තරාදි තම අතින් දරයි; වංචාකිරීමට ඔහු ආලය කරයි. එප්‍රායිම් මෙසේ කියයි: “ඔහෝ මම වස්තුකාරයෙක්. මහ ධනයක් මට සම්බ වෙලා. මගේ මහ ධනස්කන්ධය නිසා මගේ කාරණාවලදී මගේ අයුතුකමක් හෝ පාපයක් ඔවුන්ට හමුවන්නේ නැත.” “ඊජිප්තු දේශයේ සිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. සම්මත මංගල්‍ය දවස්හි දී මෙන්, නැවතත් මම කූඩාරම්වල විසීමට ඔබට සලස්වමි. මම දිවැසිවරුන්ට කතා කළෙමි. ඔවුන්ට බොහෝ දර්ශන දුන්නේ මම ය. ඔවුන් ලවා බොහෝ උපමා කතා පැවසීමි.” ගිලියාද්හි අයුතුකම තියේ නම් ඔවුන් වැදගැම්මකට නැති වේ! ඔවුහු ගිල්ගාල්හි දී ගවයින් යාග කරති; ඔවුන්ගේ පූජාසන, සී-සෑ කුඹුරක ගල් ගොඩවල් මෙන් වනු ඇත. යාකොබ්, අරාම් දේශයට පලා ගියේ ය. බිරිඳක ලබා ගැනීමට ඉශ්රායෙල් වෙහෙස ව වැඩ කරමින්, බිරිඳක සඳහා බැටළුවන් බලා ගත්තේ ය. ඊජිප්තුවෙන් පිටතට ඉශ්රායෙල් ගෙන ඒමට, ස්වාමින්වහන්සේ දිවැසිවරයකු යොදා ගත් සේක. උන්වහන්සේ ඔවුන් බලා ගත්තේ දිවැසිවරයකු මගිනි. එහෙත් එප්‍රායිම් ඉතා දැඩි ලෙස උන්වහන්සේ කෝප ගැන්වී ය. එබැවින් ලේ හැලීමේ ඔහුගේ අපරාධය ඔහුගේ ස්වාමින් ඔහු පිට ම තැබූ සේක්; ඔහු කළ අවමානය, ඔහු පිට ම තබන සේක.
හොෂෙයා 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හොෂෙයා 12:1-14
13 Days
God used Hosea to powerfully communicate His anguish towards the nation of Israel due to their continued idol worship. Hosea’s life and ministry show both the heart-breaking cost of idolatry as well as the lengths to which God will go to redeem His sinful people back to Him. This book reminds us that despite our sinful idolatry, God is always faithful.
21 Days
God calls us to live a life of good character. But what does that actually look like? Through this plan’s devotional content and brief Scripture readings, you’ll encounter men and women of Godly character, and you’ll discover the relationship between character and stewardship.
14 Days
This prophet Hosea ministered during one of the most difficult times in Israel's history. The midst of the struggles, God called Hosea to speak wisdom to his people. So, what did Hosea tell them? And what can we learn from his wisdom today?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ