හෙබ්‍රෙව් 9:6-10

හෙබ්‍රෙව් 9:6-10 SCV

මෙම සූදානම් කිරීම් පිළියෙල කොට තිබියදී, පූජකයෝ නියමිත වතාවත් ඉටු කිරීමට නිති පතා පළමු ස්ථානය තුළට යති. එහෙත් දෙවන ස්ථානය තුළට යන්නේ උත්තම පූජකයා පමණි; ඒ ද වසරකට වරකි; ඒ ද තමා උදෙසා හා සෙසු ජනයා නො දැනුවත් ව කළ පාප උදෙසා ඔප්පු කරන පිණිස, ලේ නොමැතිව නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි. මෙය, වත්මන් යුගයට සංකේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය පරිපූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ. ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි.